අරමුණ


          මා  බාලදක්ෂිකාවක් ලෙස මාගේ දෙවන පෙළ පදක්කම සඳහා ඹෟෂධ පැලෑටි  පිළිබඳ කුඩා පොත් පිංචක් සැකසූ අතර ඒ සඳහා මා ගත් වෙහෙස හා මා සොයාගත් වටිනා තොරතුරු එම පොත් පිංචට පමණක් සීමාවීම මාගේ කණස්සල්ලට හේතුවිය.

               එහෙත් Future minds සඳහා වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට  මා හට අවස්ථාව උදාවූ වේලේ ඒ සඳහා ඹෟෂධ පැලෑටි පිලිබඳව ඉදිරිපත් කිරීම සුදුසුයැයි මට හැඟුණි.

            මේ අකාරයෙන් නිර්මාණය වූ මෙම වෙබ් පිටුව සඳහා  මා හට මග පෙන්වූ මාගේ 6/7 ශ්‍රේණියන්හිදී පර්ගණක ගුරු මැණියන් වන මලිති කිරිඇල්ල මෙනවියවත් මාගේ 8 වන ශ්‍රේණියේ  වර්තමාන පරිගණක ගුරු මෑණියන් වන වරුණි වික්‍රමසිංහ මහත්මියවත්  මාගේ පන්තිභාර ගුරු මණියන්වන  ඩබ්.එස්.ඩී. නිලන්ති  මහත්මියවත් ගෞරවයෙන් සිහිපත් කරමි. එලෙසම බාලදක්ෂ නායිකා සුනෙත්‍රා වීරසිංහ මහත්මියටත්. තොරතුරු නිවැරදි කරදුන්  දේශීය වෛද්‍ය දිලිනි මනුරත්න මහත්මියටත්.  එමෙන්ම සැමවිටම මා පිටුපසින් සිට උපදෙස් ලබාදෙන විද්‍යාලයීය පර්ගණක අංශයේ තිසරණී ගුරු මෑණියන්  ඇතුළු සියළුම ගුරු මෑණිවරුන්ද ආදරයෙන් සිහිපත් කරමි. එමෙන්ම  සිංහලෙන් යතුරුලියනය කිරීමට සහය දුන් මාගේ ආදරණීය මෑණියන්වද ගෞරවයෙන් සිහිපත් කරමි. 

           තවද  සැමවිටම අපට මග පෙන්වන විද්‍යාලයීයය විදුහල්පතිනිය ගරු ධම්මිකා ජයනෙත්ති මැතිණිය හා පරිගණක අංශය භර නියෝජ්‍ය විදුහල්පතිතුමිය වන හිමාලි වීරරත්න මැතිණියවත් ගෞරවයෙන් සිහිපත් කරමි.
            කුමන හෝ ආකාරයකින් මේ මහඟු දේශීය ඖෂධ හඳුනාගෙන, එයින් ප්‍රයෝජන ගැනීම සහ ඒවා රැකගැනීමට දායක වන්නේනම් යෙහෙකි. එය උතුම්වූත් උදාරවූත් කර්තව්‍යයකි. එම කාර්ය යම් තරමකට හෝ මෙම වෙබ් පිටුව මගින් ඉටුවේනම් එය මා ලබන විශාලතම ජයග්‍රහණය බව මා ප්‍රකාශ කරමි.

නදුනි ප්‍රභාශ්වරී රණසිංහ
8 නාමල් 
සිරිමාවෝ බණ්ඩාරානායක විද්‍යාලය
           

4 comments:

  1. hmm maru hoda vedak....
    puluwan nan හික් පොතු kiyanne mona gahen ganna pothuda kiyala hoyaganna puluwan weyida?" hik" kiyala beheth gahak tiyanawa nan a gahe image 1k ekka vistara tikak danna ..
    .thawa beheth warga tiyanawane ewath danna...hee

    ReplyDelete
  2. hmm maru hoda vedak....
    puluwan nan හික් පොතු kiyanne mona gahen ganna pothuda kiyala hoyaganna puluwan weyida?" hik" kiyala beheth gahak tiyanawa nan a gahe image 1k ekka vistara tikak danna ..
    .thawa beheth warga tiyanawane ewath danna...hee

    ReplyDelete
  3. good start. keep going we promote this on https://www.facebook.com/groups/ScoutingBloggers/

    ReplyDelete