ඖෂධීය වැල්




හාතවාරිව
Asparagusracemosus
පර්යාය
 ශතාවරි , සුපත්‍රා , භීරූ 
කුලය
Liliaceae
වැවෙන ස්ථාන
මධ්‍යම දේශගුණයක් සහිත උස් බිම්වල පහතරට තෙත් කලාපයේත් වැවේ.
ඹෞෂධ සඳහා යෙදිය හැකි අංග
අල සහ කොළ
සුවකළ හැකි රෝග
අතීසාරය, අග්නිමාන්දය, මුත්‍රාබාධ, ප්‍රෙම්හ, වකුගඩු හා සමිබන්ධ ිත රෝග, ගොනෝරියාව, අර්සස්, මලබද්ධය
නිෂ්පාදිත ඔසු
ශතාවරී ඍතය, ශතාවර්යයාදි චූර්ණය



කටරොලු
Clitoriya Ternatea  LINN
පර්යාය
Flos Caeruleus   RUMP
කුලය
Leguminosae
වැවෙන ස්ථාන
කැලෑබදව වැඩෙන්නක් වුවත් අලංකාරය සඳහා ගෙවතුවලද වගාකරනු ලබන පැලෑටියකි.
ස්වභාවික ලක්ෂණ
වර්ෂාධික ආයුකාලයක් පවත්නා යමක එතී වැඩෙන ශාකයකි. කඳ සිලින්ඩරාකාරය. දීර්ඝය. ඒ වටා කෙඳි පවතී. ඉත්තක ඇත්තේ පෙති 5 කි.
සාමාන්‍ය ප්‍රතිකාර විධි
·        නාසයෙන් ලේ ගැලීම නැවැත්වීම පිණිස නිල් කටරොලු  මුල් යුෂ බිංදු කීපයක් නාසයට දැමීම සුදුසුය.
·        ජලෝධරයට කටරොලු ඇට චූර්ණ්‍ය අවුරුදු ½ ක් පමණ උදේ සවස කිරීම සුවදායකය.



ගොටුකොළ
Hidrocotyle Asitica  LINN
කුලය
Umbelliferae
සංස්කෘත නාමය
බ්‍රාහ්මී/ මණ්ඩුකපර්ණි
ඉංග්‍රීසි නාමය
Indian Penny Wort
දෙමළ නාමය
වල්ලාටිකේරාය
වැවෙන ස්ථාන
තෙත පස ප්‍රිය කරයි. කඳු මුදුනෙහි මෙන්ම බෑවුම්වල සරු පසෙහිද වැවේ. තණකොළ හා මිශ්‍රව පැවතුණත් පහසුවෙන් හඳුනාගතහැකි ශාකයකි.
ස්වභාවික ලක්ෂණ
බිම දිගේ ඇදී යයි. ක‍‍ඳේ තැනින් තැන ගැටිති පවතී. එම ස්ථානවලින්ච මුල් විහිද පොළොව බදා ගනී. එසේම එම ගැටිති පවතින සෑම ස්ථානයකම දීර්ඝ නටුවක් සහිත පත්‍ර දෙපසට පිහිටයි. පත්‍ර වෘත්තාකාරය. විශ්කම්භය අඟල්  ½ -2  දක්වා විහිදිය හැක. ළපටි කොළ්‍ය යටිපැත්තේ සියුම් කෙඳි පවතී. පත්‍රවල මෙන්ම නටුවේත් පවතින්නේ සිත් ඇදගන්නාසුළු සුවඳකි. මල් සුදු පාටය.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග
මුළු පැලෑටියම
සුවකළ හැකි රෝග
රුධිරගත රෝග, නාඩිගත රෝග, කෂ්ඨ, ක්ලාන්තය, අතක වීම, සමාජ රෝග,  උණ, අරුචිය, මුත්‍රාබාධ, බරවා
මතකය අවදි කරවීමට
ගොටුකොළ යුෂට එළකිරි අවැසි පණ මිශ්‍රකර සති ගණනක් නොකඩවා පාවිච්චියට ගැනීම
ළදරුවන්ගේ කැස්සට
ගොටුකොළ හොඳින් අඹරා පපුවේ තවරන්න.( සෙම බුරුල්වීම සඳහා)
නිෂ්පාදිත ඔසු
බ්‍රාහ්ම ඍත
රසායනික සංයෝග
මැලියමක් පවතී. ටැනින් අම්ලයද ඇත. එපමණක් නොව සීනි, ලුණු, ඇල්බියුමින්, නයිට්‍රජන් මිශ්‍රිත ඇල්කලොයිඩයකුත් , බ්‍රාහ්මින් හර්පෙස්ටින්ද, සුට්‍රිචිනින් සමග ඩිමැනින්ටල හා බී සිටොස්ටෙරොල සංයෝගය පවතී.



                           





රසකිඳ
Tinospora
පර්යාය
Coccolus Cordifolius
කුලය
Memispermaceae
සංස්කෘත නාමය
ගුඩුචි
ඉංග්‍රීසි නාමය
Heart Leaved / Moon Seed
වැවෙන ස්ථාන
ශ්‍රී ලංකා භූමියේ සෑම කැලෑවකින්ම සොයාගත හැකි වැල් විශේෂයකි. විශ්ෂඨ ගනයේ ඹෞෂධ ශාකයක් වන රසකිඳ මධ්‍යම පළාතේ, උතුරු සහ නැඟෙනහිර පළාතේත් වගාකරනු ලබන්නකි.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග
මුල්, කොළ, කඳ
සුවකළ හැකි රෝග
උණ, ආම වාත, මුත්‍රා දැවිල්ල, කුෂ්ඨ, ශෘද රෝග, සෙංගමාලය




ඉරමුසු
Hemidesmus Idicus Br.
පර්යාය
 ශාරිවා , ගෝප කන්‍යා , ගෝපි , ගෝපවල්ලි 
කුලය
 Asclepiadaceae 
ස්වභාවික ලක්ෂණ
 ඉන්දියාවේ මෙන්ම ලංකාවේ සෑම ප්‍රදේශයන්හීම වැවේ. 
ඹෟෂධ සඳහා යෙදිය හැකි අංග
පැලෑටිය හා මුල භාවිතා කරයි. විශේෂ ක්‍රියාකාරීත්වයක් මුලේ පොත්තේ ඇත.
සුවකළ හැකි රෝග
තුන්දොස් සමනය කරයි.කුෂ්ඨ, දද,උණ, දේහ දුගඳ, ගිනි මද බව, ශ්වසනය, කාසය, අරුචි, ආම, පිපාසය, දාහය ලේ දොස් ප්‍රදර රෝගය සඳහා, තුවාල සේදීම සඳහා
මී විසට
ඉරමුසු මුල් කසාය ගිතෙල් සමග පෙවීම




No comments:

Post a Comment