ඖෂධීය වෘක්ෂ



කරාබුනැටි
Syzyygium aromaticum
පර්යාය
Eugeina Caryophyllus Thumb
කුලය
Myrtacea
වැවෙන ස්ථාන
උඩරට තෙත් බිම්වල සරුවට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ මීටර් 15 ක් පමණ උස ගසකි.
ස්වභාවික ලක්ෂණ
ශාඛා දසත විසිරී පවතී. පිරමීඩයක හැඩය ගනී. කුඩා පත්‍ර රැසකි. සාමාන්‍ය වෙනසකින් යුක්තය. දිලිසෙන සුළුය. මේරූ පත්‍ර කළු කොළ පැහැයක් ගනී. පුෂ්පයෝ අක්‍රමවත්ය.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග
ගෙඩි, මල්, නැටි, මනිපත්‍ර
සුවකළ හැකි රෝග
පණු රෝග, අජීර්ණය, වමනය, පිපාසය, ඇදුම, අරැචිය, අග්නිමාන්දය, අම්ල පිත්ත.
නිෂ්පාදිත ඔසු
ලවංගාදී ක්වාතය, ලවංගාදී චූර්ණය, කරාබු අර්කය






ඇහැල
Cassia Fistula  WILLD
පර්යාය
Cathartocarpus Fisttula  PER
Crhombifolia   SBENT  TRIM
කුලය
Leguminosae
සංස්කෘත නාමය
ආරග්වද-රාජවෘක්ෂ
ඉංග්‍රීසි නාමය
Aragwada-Raja
දෙමළ නාමය
තිරුකොණ්ඩයි
වැවෙන ස්ථාන
වියලි කලාපයට අයත් වනාන්තරවල වැවෙන වෘක්ෂයක් ලෙස දැක්විය හැක. අනුරාධපුරය, කුරුණෑගල, රක්වාන වැනි පෙදෙස්වල මෙම අහැල ශාකය සුලභව දක්නට ලැබේ.
ස්වභාවික ලක්ෂණ
මධ්‍යම ප්‍රමාණයේ ගසකි. පොත්ත මටසිලුටුය. අළු පැහැතිය. ළපටි කාළයේ සුඹුල බොර පැහැතිය. ගොරෝසුය. වැඩුණු ගසක ශාඛා රැසකි. දසත විසිරී පවතී. මීටර් 9 සීමාව නොඉක්මවයි. දිගැති පත්‍ර වියලි කාලයේ හැලීයයි. නැවත දළු ලන්නේ සීත ඍතුවේදීය. මල්‍ පොහොට්ටු හට ගන්නේ අප්‍රේල් මාසයේ වන අතර මල් පොකුර සිලින්ඩරාකාරය. අහැල කරලක් තුල බීජ 25-100 දකවා පුමාණයක් ඇත.
ඹෞෂධ සඳහා යෙදිය හැකි අංග
මුල්, කඳේ පොතු, කරල්, කොළ, මල්, සහ බීජ
සුවකළ හැකි රෝග
උණ,හෘද රෝග, ආමාශගත රෝග
උඳුගෝව්වෝ කෑමට/ පණු කැවිල්ලට
අමු ඇහැල පොතු අඹරා ගෑම
විරේකය පිණිස
නොමේරු කොළ උනුකර රාත්‍රී නින්දට පෙර පානය කිරීම
නිෂ්පාදිත ඔසු
ආර්ගවදාදිය  , කීරමලාදී ඍතය






කජු
Anacardium  Occidentale   LINN
පර්යාය
Aeajuba Oceidentalis
කුලය
Anacardiacae
ස්වභාවික ලක්ෂණ
මධ්‍යම ප්‍රමාණයේ ගසකි. කඳ එතරම් විශාල නැත. වක ගැසී ඉහලට වැඩේ. ස්ව් දෙසට විහදී යන ශාඛා පවතී. පත්‍ර දිගට නොවැඩේ.කෙලවර රවුම්ය. මල් පොකුරු වශයෙන් වැඩේ. කොළ පැහැතිය. ඵලය පිහිටන්නේ පුහුලමේ කෙලවරය.කජු බීජය තුල ඇති මදය සුදු පැහැයක් ගනී.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග
මද, පුහුලම, (පුහුලම මිරකාගත් යුෂ) තෙල්
සුවකළ හැකි රෝග
ක්‍රිම් රෝග, ආමවාත, මුත්‍රාබාධ, ස්කැචි රෝගය, හමේ රෝග








කරපිංචා
Murraya Koenigil (L) Spreng
පර්යාය
 සුරභිනිම්බ , සුරභී , කාලශාක
කුලය
 Rutaceae 
ස්වභාවික ලක්ෂණ
අග්නිදිග ආසායාකරයේ බොහෝ රටවල වැවෙන මෙය ලංකාවේ නොයෙක් ප්‍රෙද්ශවල වැවේ. වියලි කලාපයේ බහුලව දක්නට ඇත ආහොර රසවත් කිරීමට මෙන්ම අත්බෙහෙතක් හා ඹෞෂධයක් ලෙස අවශ්‍යවන නිසා සෑම ගෙවත්තකම වගාකරගතයුතු ශාකයකි.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග
පංචාංගයම භාවිතා කරයි
සුවකළ හැකි රෝග
සෙම සහ වාතය සමනය කරයි. අජීර්ණය, වමනය, බඩගින්න වැඩීම.
අධික රුධිර පීඩනය හා ලේවල මේදය අඩුකිරීමට/ සර්ප විෂ සමනයට
පොල් කිරි රහිතව කරපිංචා කොලවලින් පමණක් සකසාගත් කැඳ  දිනපතා උදේ හිස්බඩ  පානය කිරීම

2 comments: