ඖෂධීය පැල






කෝමාරිකා
Aloevera   LINN
පර්යාය
Alove indica  ROYLE
Alove barbadensis  LINN
Alove Perfolazata WILLD
කුලය
Lilaceae
වැවෙන ස්ථාන
ගෙවතුවල මෙන්ම මිදුලේ මල් පෝච්චි වලද වවනු ලබන්නකි. යාපනය, මන්නාරම, ආදී වියලි ප්‍රෙද්ශවල සුලභව ඇත. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රෙද්ශයකද මෙම ශාකය දක්නට ලැබේ.
ස්වභාවික ලක්ෂණ
පඳුරු විශේෂයකි.උසට නොවැඩේ. අඩි ½ පමණ වන්නේද කලාතුරකිනි. කෙඳි සහිත මූලයකින් යුක්තය. වසර ගණනාවක් පවතී. මසින් පිරුණු ඝන පත්‍ර නටු රහිතය. පළලින් එය අඟල්  3 ක් පමණ වෙයි. පටන් ගැන්මට කෙළවර උල් සහිතය. තියුණු නොමැති කටු පත්‍රයේ දෙපසෙහිම පිහිටා ඇත. සිනිඳුය. අක්‍රමවත් පුල්ලි දෙපසෙහිම පිහිටයි. මල්වල නටුව රත් පැහැයක් ගනී.
සුවකළ හැකි රෝග
උණ, අක්ෂි රෝග, ශුල, අර්ශස්, පිත්තාශය ගත අක්මා රෝග, අග්නිමාන්දය, ගුල්ම, දාහ, කාමලා, රත්පිත්, පිත්තාශ්මරී, ඇසේ නගනයට, අක්ෂි ශොථය
තුවාල හේතුකොටගෙන අවට ඇතිවන ඉඳිමුව දුරලීම පිණිස ඇඹුල් දොඩම් අඹරා ගනු ලබන තික්තාබින් ඉදිමුව පවතින ස්ථානයේ ගෑම යහපත්ය.
නිෂ්පාදිත ඔසු
කුමාරි ආසවය,  කුමාරි පද්ම තෙල,  කුමාරිකා වටී,
රජස් ප්‍රවර්තිනී වටී





අන්නාසි
Ananas Sativus, LINN
පර්යාය
Synonym – Bromelia  amanas, WILL
කුලය
Bromeliaeae
ස්වභාවික ලක්ෂණ
ආයු කාලය වසර 2 කි. ශාඛා නොමැත. ශාඛ කොලයක් අඩි 3 ක් හෝ 4 ක් පමණ දිගට වැඩේ.පෙති තුනකින් සමන්විත පුෂ්ප ගභියක් ද පවතී. අධික ඉස්මෙන් හා රසයෙන් පිරුණු ඵලයක් දරයි.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග
ගෙඩි සහ කොළ ඉස්ම
සුවකළ හැකි රෝග
මාස් ශුද්ධියේ දී ඇතිවන අවහිරතා මග හරවයි. ගර්භාෂය සංකෝචනය කරවයි. ස්කැච්රෝගයට හිතකරය. සෙංගමාලය, ඉක්කාව  විරේක  කිරීමට කොළ ඉස්ම යොදා ගනී. බඩ පිපුමට නොමේරු අන්නාසි යුෂ විනාකිරි සමග මුසු කර භාවිතා කරයි.
කොළ ඉස්ම
ප්‍රබල කෘමිනාශකයකි. පලතුරු විරේචන ගුණ ඇත්තකි.



ඉඟුරු
Zingiber officinale Roscoe
පර්යාය
 නාගර , ශුණ්ඨී , විශ්ව 
කුලය
Zingiberacea 
ස්වභාවික ලක්ෂණ
වගාකරන රටවල් අනුව ඉඟුරු වර්ග රාශියකි. චීන ඉඟුරු, කොචින් ඉඟුරු, අප්‍රිකා ඉඟුරු ආදී වශයෙනි. ශ්‍රී ලංකාවේ ඔසු පිණිස යොදාගනු ලබන්නේ කුඩා අල සහිත වර්ගයයි.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග
අල
සුවකළ හැකි රෝග
අරුචි, බඩගින්න වැඩවීම, අජීර්ණය, වමනය, අතීසාරය, වියලි අර්ශස්, පීනස, කාස, ශ්වාස, හික්කා හා උණ නසයි.,
උල් කටු ඇනුන විට
ඉඟුරු , සීනි සමග තලා  උණු අළුවේ තම්බා බැඳීමේන් ඇණුන කටු ඉවත්කල හැකිය.




කහ
Curcuma Longa L.
පර්යාය
 හරිද්‍රා , රජනි , නිශා , පීතා
කුලය
 Scitaminaceae 
ස්වභාවික ලක්ෂණ
ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සියළුම ප්‍රෙද්ශවල වැවෙන ශාඛයකි
ඔෂධ සඳහා යෙදිය හැකි අංග
අල සහ කොළ  ඔසු පිණිස යොදා ගනී
සුවකළ හැකි රෝග
ජීවානු නාශකයක් මෙන්ම විෂ නාශකයකි. ලේ පිරිසිදු කිරීම සඳහා යොදා ගනී. බාහිර ආලේපය මගින් වේදනා ඉදිමුම්  හා තුවාල සඳහා යොදා ගනී. පීනස සඳහා ඉඟුරු සමග යොදා ගනී. සමේ රෝග සඳහා
මුළුතැන්ගෙය සඳහා
ආහාර වර්ණ ගැන්වීමට හා රස ගැන්වීමට යොදා ගනී.



                                       

No comments:

Post a Comment