Tuesday, June 4, 2013

හැඳින්වීම

මේ රටේ එක් විශේෂයක් ඇත.  එනම් රටේ හැමෝම වෙද්දුය. මේ රටේ ඒ සඳහා වෙන වෙනම නම් දැරූ විශේෂ වෛද්‍යවරු හෝ ශල්‍ය වෛද්‍යවරු  හෝ නැත්තාහ. කෂාය බෙහෙත් ගැන හා කැපුම් කෙටුම් පෑස්සුම් ගැන කොයි කාටත් සාමාන්‍ය පලපුරුද්දක් ඇත්තේය. ඔවුන් ඔසු පිළියෙල කරන්නේ ගස් වැල් වල කොළ පොතු ආදියෙනි.
                                                                                                                           -රොබට් නොක්ස්-

          ආයුර්වේද මතය අනුව බෙහෙත් නොවන පැලෑටියක් මිහිපිට නැත.තවද ලාංකීය වූ අපගේ දේශිය ඹෟෂධ පිළිබඳ දැනුම හා අත් බෙහෙත් භාවිතය ඉහලය. සෑම ලාංකිකයෙකුම වෙදුරෙක් බව බ්‍රිතාන්‍ය ජාතික රොබට්  නොක්ස් පවසා ඇත්තේ මේ නිසාය.
            සුවය සෙවීම මිනිස් අපගේ පොදු අරමුණකි. දේශීය ඖෂධ මිනිස් සිරුරට හානිදායක නොවේ. ඊට හේතුව දේශීය ඖෂධ බොහෝමයක් ශාකමය ලෙස ලබාගන්නා බැවින්, මිනිසා සහ ශාක අතර ඇති සමීප සම්බන්ධතාවය නිසාය.
            සකල ලෝක වාසී වූ සෑම මනුෂ්‍යාටම , සත්වයාටම පොදු උරුමයකි, සොබාදහමේ ඇති මෙම ඖෂධ. මේවා මල්, ගෙඩි,  කොළ, පොතු, මුල්, අල, වැල්, ගස් වශයෙන් පළමු ගනයට ඇත. තවද පාෂාණිභූත බොහෝ වර්ගද ඖෂධ සංයෝග සඳහා යොදා ගැනේ.
            ඔසු පැළ සහ ඒවායේ ඖෂධීය ගුණ පිළිබඳව නොදැන්වත්කම සහ ඔසු පැළ සොයා ගැනීමේ අපහසුව නිසාත් දේශීය වෙදකමේ ප්‍රතිකාර ක්‍රම විධි සහ දේශීය ඖෂධ  භාවිතය සමාජයෙන් ගිලිහී ගොස් පවතී.
            එමෙන්ම බටහිර රටවල්  ඔවුනගේ  ප්‍රතිකාර ක්‍රමවල ඇති  කෘතිම මෙන්ම රසායනික දුව්‍යයන්හි ඇති අහිතකර බව පසක්කරගෙන අපගේ දේශීය ඖෂධ කොල්ලාකෑමට මාන බලන බව වර්තමානයේදී පැහැදිලිව පෙනේ.
            අද ශ්‍රී ලාංකීය සමාජය තුල මෙ අගනා ඖෂධ පිළිබඳ නිසි පිළිගැනීමක් නැති තරම්ය. එහෙත් එදා අපේ මුතුන් මිත්තන්ගේ ජීවිතයේ කොටසක් වූ මෙම ඖෂධ අද වර්තමාන ජනයාගේ නෙතට දැක ගැනීමටවත් නැති තරම්ය. නමුත් ස්වභාවධර්ම‍යෙන් අපට උරුමවූ මෙම අතිමහත් වූ ඖෂධ පැළ රැක ගැනීමට දායක වීම අප කාගේත් යුතුකමකි.

            අප අපගේ නිජ බිමට ණය ගැති නොවී නිරතුරු  ඔසු තුරු හැඳිනගෙන  ඒවා මතුපරම්පරාවන් සඳහාද ප්‍රයෝජනවත් වනසේ රැක ගනිමු.

4 comments:

  1. මේ බ්ලොග් අඩවිය තුලින් ඔසු තුරු පිළිඹ‍ද බොහො දෑ දැන ගතිමි. නදුනිගේ උත්සාහය පොහෝ පැසසුම් ලැබිය යුත්තකි.පාසල් යන දියණියක ලෙස සිදුකල මෙම නිර්මාණය තුලින් තවත් බො‍හෝ වෙබ් අඩවි නිර්මාණයට ශක්තිය ‍ධෛර්යය ලැබේවා. ඒ තුළින් බොහෝ අන්තර්ජාල පරිශීලකයින්ට දැනුම ලැබීමට දොරටු විවර කරන්නකි.

    ReplyDelete
  2. The Best casino games on Slots
    Slots w88dashboard of Vegas Slot Machine · Gonzo's Quest · Red Tiger · Egyptian Gold · Super Monkey Ball. · 마틴게일전략 Wheelz · club w88 Luckyland · 강원랜드 Egyptian 마카오바카라 Gold · Super

    ReplyDelete
  3. Hard Rock Hotel and Casino - DrmCD
    Hard Rock Hotel and Casino is North Las 여주 출장마사지 Vegas' 충청북도 출장안마 premier entertainment destination. in the heart of the Strip, in the heart of the 경기도 출장샵 city, 경기도 출장샵 is Hard Rock Hotel 전주 출장샵 & Casino,

    ReplyDelete